Data Communication
Unit 08 - පරිගණක ජාල හා දත්ත සන්නිවේදනය 8'1 - දත්ත සන්නිවේදනය දත්ත සන්නිවේදනය යනු ප්‍රේෂකයා සහ ග්රාහකයා අතර මාධ්‍යයක් ඔස්සේ දත්ත හුවමාරු කර ගැනීමයි . මෙහිදී , ප්‍රේෂකයා සතු දත්ත ග්රාහකයා වෙත සම්ප්‍රේෂණය කරයි . 1. ප්‍රේෂකයා (Sender) පණිවිඩය හෝ දත්ත සම්ප්‍රේෂණය ආරම්භ කරනු ලබන උපකරණය හෝ පුද්ගලයා ප්‍රේෂකයා ලෙස හැඳින්වේ . මෙය සමහර අවස්ථාවලදී සම්ප්‍රේෂකය ( Transmitter ) ලෙසද හැඳින්වේ . එහෙත් ප්‍රේෂකයා යනු නිතරම දත්ත ආරම්භක ස්ථානය වන අතර , සම්ප්‍රේෂකය යනු අතරමැද පිහිටා ඇති දත්ත ලබා ගෙන සම්ප්‍රේෂණය කරනු ලබන උපකරණයක් ද විය හැකි ය . එනම් ප්‍රේෂකයා තමන් සතු දත්ත සන්නිවේදනය පමණක් සිදු කරණු ලබන අතර , සම්ප්‍රේෂකය තමන් සතු දත්ත පමණක් නොව තමන් හට ලැබෙන දත්ත ද සම්ප්‍රේෂණය කරණු ලබයි . උදා : ජංගම දුරකථනයකින් කෙටි පණිවිඩයක් යවන්නා ප්‍රේෂකයා ලෙස හඳුනා ගත හැකිය මහා මාර්ග පාලන මධ්‍යස්ථානයක් වෙත ඡායාරූප ලබා දෙන , මහා මාර්ගයේ සවිකර ඇති කැමරාවක...

Comments
Post a Comment