Data Communication


Unit 08 - පරිගණක ජාල හා දත්ත සන්නි‍වේදනය

8'1 - දත්ත සන්නි‍වේදනය

දත්ත සන්නිවේදනය යනු ප්‍රේෂකයා සහ ග්‍රාහකයා අතර මාධ්‍යයක් ඔස්සේ දත්ත හුවමාරු කර ගැනීමයිමෙහිදීප්‍රේෂකයා සතු දත්ත ග්‍රාහකයා වෙත සම්ප්‍රේෂණය කරයි
 
.1.      ප්‍රේෂකයා(Sender)

 පණිවිඩය හෝ දත්ත සම්ප්‍රේෂණය ආරම්භ කරනු ලබන උපකරණය හෝ පුද්ගලයා ප්‍රේෂකයා ලෙස හැඳින්වේමෙය සමහර අවස්ථාවලදී සම්ප්‍රේෂකය (Transmitterලෙසද හැඳින්වේඑහෙත් ප්‍රේෂකයා යනු නිතරම දත්ත ආරම්භක ස්ථානය වන අතරසම්ප්‍රේෂකය යනු අතරමැද පිහිටා ඇති දත්ත ලබා ගෙන සම්ප්‍රේෂණය කරනු ලබන උපකරණයක් ද විය හැකි යඑනම් ප්‍රේෂකයා තමන් සතු දත්ත සන්නිවේදනය පමණක් සිදු කරණු ලබන අතරසම්ප්‍රේෂකය තමන් සතු දත්ත පමණක් නොව තමන් හට ලැබෙන දත්ත ද සම්ප්‍රේෂණය කරණු ලබයි.

උදා    ජංගම  දුරකථනයකින් කෙටි පණිවිඩයක් යවන්නා ප්‍රේෂකයා ලෙස හඳුනා ගත හැකිය

මහා මාර්ග පාලන මධ්‍යස්ථානයක් වෙත ඡායාරූප ලබා දෙනමහා මාර්ගයේ සවිකර ඇති කැමරාවක් ප්‍රේෂකයා ලෙස හඳුනා ගත හැකි ය
 
 
 
2.දත්ත සම්ප්‍රේෂණ මාධ්‍යය (Transmission Media)

3.ප්‍රේෂකයාගේ සිට ග්‍රාහකයා දක්වා පණිවිඩය හුවමාරු වන මාධ්‍යය යි.

උදාතඹ රැහැන්සූක්ෂම කිරණ ආදිය

4.            ග්‍රාහකයා (Receiver)

දත්ත හෝ පණිවිඩය අවසාන වශයෙන් ලබාගෙන තේරුම් ගන්නා උපකරණය හෝ පුද්ගලයා ග්‍රාහකයා ලෙස හැඳින්වේ.

උදා    කෙටි පණිවිඩය ලබා ගෙන කියවා තේරුම් ගන්නා තැනැත්තා ග්‍රාහකයා ලෙස හඳුනා ගත හැකි ය
            දුරස්ථ පාලකයක් මගින් ලබා දෙන සංඥා ලබා ගෙන නාලිකා වෙනස් කරන රූපවාහිනිය ග්‍රාහකයා ලෙස හඳුනා ගත හැකි ය
2.            නියමාවලිය (Protocol)
සාර්ථක පණිවිඩ හුවමාරුවක් යනුප්‍රේෂකයා විසින් යවනු ලබන පණිවිඩය ග්‍රාහකයාට ඒ අයුරින්ම තේරුම් ගැනීමට හැකි අයුරින් ලබා ගත හැකි වන සේ සම්ප්‍රේෂණය කිරීමයිමේ සඳහා යම්කිසි නියමාවලියක් හෙවත් ආචාර ධර්ම පද්ධතියක් අවශ්‍ය ය.විශේෂයෙන් පරිගණක ආශ්‍රිත දත්ත සම්ප්‍රේෂණයේදී මෙය ඉතාමත් අවශ්‍ය ය.
 
1.      පණිවිඩය (Message)
අංකිත හෝ ප්‍රතිසම තරංගවලින් නිර්මාණය වී ඇති කිසියම් අදහසක් සහිත දත්ත හෝ තොරතුරු සමූහයකි.
උදාහරණ:
·         දුරකථන පණිවිඩයකදීප්‍රතිසම තරංග සමූහයක්කටහඬ අයුරින්සුදුසු මාධ්‍යයක් ඔස්සේ සම්ප්‍රේෂණය වේ.
·          ඊමේල් පණිවිඩයකට අක්ෂරරූප සටහන්වීඩියෝ සහ ඕඩියෝවැනි බහුමාධ්‍ය අංග ඇතුළත් කළ හැකි ය. 
 
ප්‍රතිසමහා අංකිත  තරංග(Analog and Digital Signal)

ප්‍රතිසම තරංග

ශක්ති මට්ටම ක්‍රමයෙන් වෙනස් වෙමින්,  අවිච්ඡින්න ලෙස සම්ප්‍රේෂණය වන සංඥා විශේෂයයිමෙහි අනුයාත සංකේත එකිනෙකට වෙන් කර හඳුනා ගැනීම අපහසු ය.

උදාශබ්දයආලෝකය

අංකිත තරංග

එකිනෙකට වෙනස් ශක්ති මට්ටම් දෙකකට අයත් වවියුක්ත ව සම්ප්‍රේෂණය වන සංඥා විශේෂයයිමෙහි අනුයාත සංකේත පැහැදිලිව හඳුනාගත හැකි ය.( 1 හා වශයෙන්උදාපරිගණක ආශ්‍රිත සංඥා

මොඩමය  මොඩමය යනු අංකිත සංඥා ප්‍රතිසම ආකාරයට (මූර්ජනය)හා ප්‍රතිසම සංඥා අංකිත ආකාරයට (ප්‍රති මූර්ජනය)පරිවර්තනය කිරීමට යොදා ගන්නා ජාල උපාංගයකි.දැනට බහුලව භාවිතයට ගැනෙන දුරකථන ජාලහඬ (ප්‍රතිසම සංඥාසම්ප්‍රේෂණය සඳහා පමණක් ස්ථාපනය කර ඇති හෙයින් එම ජාල ඔස්සේ පරිගණක දත්ත (අංකිත සංඥාසම්ප්‍රේෂණය කරවීමට නම් මෙම පරිවර්තනය අත්‍යවශ්‍ය ය.

මොඩමයක් අවශ්‍ය වන්නේ ඇයි?පරිගණක විද්‍යාගාරයක ඇති පරිගණක ජාලයඅංකිත සංඥා සන්නිවේදනය සඳහා සකස් කොට ඇතඑබැවින් එම ජාලයේ පරිගණක අතර දත්ත සන්නිවේදනය අංකිත සංඥා මගින් පහසුවෙන් කළ හැකි ය.  එහෙත්දුරස්ථ ව පවතින පරිගණක දෙකකට හෝ වැඩි සංඛ්‍යාවකට මෙම ආකාරයෙන් අංකිත සංඥා මගින් දත්ත සම්ප්‍රේෂණය සිදු කළ නොහැකි යඑයට හේතුවඒ සඳහා යොදා ගත හැකි අංකිත මාධ්‍යයක් නොතිබීමයිඑවන් අවස්ථාවකදීදත්ත සම්ප්‍රේෂණය සඳහා දැනට පවතින ප්‍රතිසම දුරකථන ජාලය භාවිතයට ගැනේ.

මෙහිදී ප්‍රේෂක පරිගණකය තුළ නිපදවන අංකිත සංඥා ප්‍රතිසම දුරකථන ජාලයට ගමන් කිරීමට පෙරඑම ජාලය තුළ ගමන් කළ හැකි වන පරිදි ප්‍රතිසම සංඥා බවට දදුරකථන ජාල‍‍යෙන් පැමි‍ණෙන ප්‍රතිසම සංඥා ග්‍රාහක පරිගණකය වෙත සම්ප්‍රේෂණය  කිරීමට පෙර  නැවත අංකිත සංඥා බවට ද පත් කළ යුතු යමෙම ක්‍රියාවන් දෙකම සිදු කළ හැකි තනි උපකරණය මොඩමය නම් වේඅංකිත සංඥා සම්ප්‍රේෂණය කළ හැකි මාධ්‍යයක් හරහා දත්ත සම්ප්‍රේෂණයට මොඩමයක් අවශ්‍ය නොවේ.
 
8.2 - සාම්ප්‍රදායික දත්ත සන්නිවේදන ක්‍රම
  • සතුන් මඟින්
  • හඬ මඟින්
  • වෙනත් උපකරණ භාවිතයෙන්
  • ලිපි මඟින්
ඉලෙක්ට්‍රොනික ක්‍රම
  • රූපවාහිනිය/ගුවන් විදුලිය
  • දුරකථනය
  • පණිවිඩ හුවමාරු චන්ද්‍රිකා
  • පරිගණක ආශ්‍රිත දත්ත සන්නිවේදනය
  • ISDN - Integrated Services Digital Network  -  සංගෘහිත සේවා අංකිත ජාලය
මෙම ජාලය තුළ හා දත්ත අංකිත සම්බන්ධතාවක් හරහා එකවර සම්ප්‍රේෂණය කරයි

ADSL - Asymmetric digital subscriber line - අසමම්තික අංකිත දායක රැහැන

දුරකථන ඇමතුම් සඳහා භාවිත නොවන තරංග ආයාමයන් උපයෝගී කරගනිමින්තඹ රැහැන් හරහා වඩා වේගවත් ව  දත්ත සම්ප්‍රේෂණය මෙම තාක්ෂණයෙන් සිදු කළ හැකියමේ සඳහා A splitter, or DSL filter උපයෝගී කොට ගැනේ.

 

  • CDMA - Code division multiple access කේත බෙදුම් බහු  ප්‍ර‍ෙව්ශය

විවිධ ගුවන් විදුලි සම්ප්‍රේෂණ තාක්ෂණයන්හි භාවිතයට ගැනෙන නාලිකා ප්‍රවේශ ක්‍රමයකිජංගම දුරකථන සම්මතයන් වන cdmaOneCDMA2000 (the 3G evolution of cdmaOne) and WCDMA (the 3G standard used by GSM carriers) හිදී මෙම නාලිකා ප්‍රවේශ ක්‍රමය මූලික ලෙස යොදා ගැනේ.

  • GPRS – General Packet Radio Service - පොදු දත්ත මලුගුවන් විදුලි සේවය

ජංගම සන්නිවේදනය සඳහා වන ගෝලීය පද්ධතියේ (GSM) දෙවන හා තුන්වන පරම්පරාවන්ගේ භාවිත වන දත්ත මලු පාදක කොටගත් ජංගම දත්ත සේවයකි.

 

·         GSM- Global System for Mobile Communication – ජංගම සන්නිවේදනය සඳහා වන ගෝලීය පද්ධතිය දෙවන පරම්පරාවේ ජංගම දුරකථන ජාල විශේෂණය සඳහා හඳුන්වා දෙනු ලැබූ සම්මතවල එකතුවකි.
 
 

Comments

Popular posts from this blog